අද(13) පෙරවරුවේ ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ගාල්ල – රත්ගම ප්‍රදේශයේ විජේරත්න මාවත – හරස් මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ දොඩම්දූව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් බවටයි වාර්තා වන්නේ.