තායිලන්තයේ හිටපු අගමැති අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබෙනවා

ඇය වාර්තා අතරට එක්වන්නේ එරට අගමැති ධුරයට පත් ලාබාලතම අගමැති ලෙසයි

ඇය හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්ගේ දියණියයි

එසේම තවත් විශේෂත්වයක් වන්නේ ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත් පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා පේටොන්ටාන් වීමයි