තායිවානයේ සුළි කුණාටු බලපෑමෙන් මේ වන විට තායිවානයේ මහාමාර්ග ජලයෙන් යටවී ගංගා බවට පත්ව තිබෙනවා

විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් විශාල පරිශ්‍රමයක් දරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

තායිවානයට පතිත වූ මෙම සුළි කුණාටුව දකුණින් පිහිටි පිලිපීනයේ සෘතුමය මෝසම් වැසි ද තීව්‍ර කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව වසරේ පළමු සුළි කුණාටුව වන අතර ඉන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව සඳහන්.