ඊයේ (16) දිනයේදි තායිවාන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ලායි චිං-ටේ ව්‍යවස්ථාදායකයේ බහුතරයක් නොමැතිව බලයට පත්වීමට පෙර මෙය සිදුව ඇති බව වාර්තා වේ

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වීමටත් පෙර, එරට මන්ත්‍රීවරුන් එකිනෙකාට කෑ ගසමින් ව්‍යවස්ථාදායක සභා ගර්භයෙන් පිටත හා ඇතුළත එකිනෙකාට පහරදෙමින් කටයුතු කල බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම, සමහරෙක් කථානායක අසුන වටා රොක් වූ බවත්, අනතුරුව සභාවේ උණුසුම්කාරී තත්ත්වය සමනය වූවත්, පස්වරුව වන විට නැවතත් සභාව උණුසුම් වී තිබෙනවා.

තායිවානය දැඩි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අතර, පාර්ලිමේන්තුව තුළ වරින් වර මෙවැනි උණුසුම්කාරී සිදුවීම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.