2024 මහ මැතිවරණෙයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතයි.
මීට අමතරව අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024.11.01 සහ 2024.11.04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024.11.07 සහ 2024.11.08 යන දෙදින නම් කර තිබේ.
මේ අතර තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදු කෙරේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින නම් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය වන්නේ 2024.11.07 වෙනිදායි.
ඒ අනුව උක්ත දින පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීමට අදාළ වැඩ කටයුතු සංවිධානය කිරීමට සැලසුම් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දන්වා ඇතැයි සඳහන් වේ.