2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වෙයි.

අදාළ නිවේදනය පහතින්