තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා.

මෙම මිල වැඩි කිරීම සදහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව එතු​මා වැඩිදුරටත් සදහන් කළා.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව  ඔහු පවසා සිටියා

කෙසේ වෙතත් 2022 වර්ෂය වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක මිල මේ වනවිට රුපියල් 50ක් වනවා.