එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒත් සමගින් ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමග ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 212 රැස් කළ අතර එහිදී සාර්ථක වූ එකම පිතිකරුවා ලෙස ඩේවිඩ් මිලර් ලකුණු 101ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ මිචෙල් ස්ට්‍රාක් කඩුලු 03 බැගින් බිඳ හෙළීය.

අනතුරුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.2ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු ලකුණු 62ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය එළඹෙන ඉරිදා පැවැත්වේ.