ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ලකුණු 02ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 291ක් රැස් කළේය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක ලකුණු 41ක් රැස් කළහ.පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ගුලාබ්ඩීන් නයිබ් කඩුලු 04ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 292ක ඉලක්කය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 37.1 අවසානයේ රැස් කළහොත් ඔවුන්ට සුපිරි කණ්ඩායම් 04 වටයට සුදුසුකම් ලබාගැනීමට හැකියාව තිබිණි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානයට පන්දුවාර 37.1 අවසානයේ රැස් කළ හැකිවූයේ ලකුණු 289 පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මොහොමඩ් නබි ලකුණු 65ක් සහ නායක හස්මතුල්ලා ශහිඩි ලකුණු 59ක් රැස් කළහ. පන්දු යැවීමේදී කඩුන් රාජිත කඩුලු 04ක් බිඳහෙළීය.