ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේදි පැවැත්වෙනවා

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය.

එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.

එම ශතකයත් සමග 20යි විස්ස තරගාවලියේදි ශතක තුනක් ලබාගත් ක්‍රීඩිකාව බවටද පත්වෙමින් ඇය වාර්තා අතර එක්වුණා.

ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින්

එය අසියානු කුසලාන කාන්තා 20යි විස්ස ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වෙයි.