මෙරට නිෂ්පාදිත තේ වල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්යය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට අද  (06) උපදෙස් දී ඇත.

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළු වලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහල ගුණාත්මක භාවයෙන් යුක්ත විය යුතුය යන්නය.

තේ කර්මාන්තයට අයත් සියලු අංශ වල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.