කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති සහනාධාරය ඉහළ නැංවීමට අද (29) තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 2000ක සහනාධාරය 4000 දක්වා ඉහළ නැංවීමටයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත්තේ

මෙහි අරමුණ වී ඇත්තේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 300 දක්වා ඉහළ නැංවීමයි

එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දීමට නියමිතයි

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මඟින් ලබා දීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.