අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

අනතුරෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇති බව කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි.

මේ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් වාහන ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා.

එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථයේ මෙම හදිසි ගිනි ගැනීම ඇතිවී තිබේ.

ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් රථයේ
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවත් පොලිසිය සැක කරයි.