දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, පිරිමි කණ්ඩායමට සමාන තරග ගාස්තු ගෙවීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාව ඇතිකිරීම වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර නවසීලන්තය සහ ඉන්දියාවද කාන්තා ක්‍රීඩිකාවන් සඳහා පිරිමි කණ්ඩායමට සමාන ගාස්තු ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කළේය.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය මගින් කාන්තා ක්‍රීඩිකාවන් සඳහා කණ්ඩායම් 06කින් යුත් වෘත්තිමය දේශීය තරග ආකෘතියක්ද හඳුන්වා දී තිබේ. මේ අනුව දකුණු අප්‍රිකාවේ දේශීය මට්ටමින් කාන්තා ක්‍රීඩාව වෘත්තීයකරණය කළ පළමු කණ්ඩායම් ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්ව ඇත.