දකුණු පළාතේ ගුරුවරුන්ට තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අයකර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් යුතුව නවතම චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.

පසුගිය ජනවාරි මාසයේදී දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාද සඳහන් කරනු ලැබුවේ දකුණු පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.