මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා

කැලුම් චතුරංග නැමති මියගිය පුද්ගලයා මාළු වෙළදාමේ නිරතවන පුද්ගලයෙක් බව සදහන්

මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදි තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ⁣රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 2022.08.04 වන දින අහංගම පොලිස් වසමේ ගොවියාපාන සයුරුමා හෝටලයේදී වෙඩි තබා ඝාතනය කරන ලද විජේසේකර ගමාච්ච්ගේ අමිල සඳරුවන් යන අයගේ සහෝදරයා බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය මඟින් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.