සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර ඇති බව නිවේදනය කර ඇත.
ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයෙන් ආනයනය කරන අය අවශ්‍ය නොමැති බවයි.
එමෙන්ම ඔහු කියා සිටියේ දමිතා අබේරත්න සමගි ජන බලවේගයට විශාල ශක්තියක් ලබා දුන් කෙනෙකු බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයට මෙම දිස්ත්‍රික්කයේම නායිකාවක් හදා ගැනීමට අවශ්‍ය නමුත් සමගි ජන බලවේගයට කොතෙක් හයියක් වුනත් ඇයගේ නම ඉවත් කිරීමට තීරණය කළ බව හේෂා විතානගේ මෙහිදී ප්‍රකාශ කර ඇත.
නමුත් තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.
අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඇය පැවසුවේ මැතිවරණයට තරගකිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයාම තමාට එරෙහිව කටයුතු කර ඇති බවයි.