මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා අත්සන් තබා ඇති බව සඳහන්.

වරප්‍රසාද සියල්ල කපා දමන බවට ප්‍රකාශ කරන පසුබිමක තමන් ජනතාව වෙනුවෙන් පෙරමුණට පැමිණි බව දමිතා අබේරත්න පවසනවා.

පසුගිය කාලයේ තමන් විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශ නිසා කිසිවකුගේ හෝ සිත් රිදුනේ නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.