හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන 31දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළා

ඊයේ (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුකරයට මැදිහත් වීමට තමන්ට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා

ඊට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ, ඔවුන්ට මෙම නඩුකරය සඳහා මැදිහත්වීමට අයිතියක් තිබෙන බවයි

ඒ අනුව මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීමට දින ලබා දුන් දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළා