සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජුනි මස 19 වෙනි​දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාස භාරයට පත්කර ඇත.

දරුවාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.