කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ අවම වයස් සීමාවක් ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා

එළඹෙන 15 වනදා ඒ සඳහා වූ සාකච්ඡා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට නියමිත බවත් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ වයස් සීමාව තීරණය කිරීම මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා