ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයෙන්, මල්වතු පාර්ශ්වය වෙත පවරා ඇත.

ඒ අනුව මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය පූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ වැඩම කිරීමෙන් ඊයේ (02) දිනයේ මෙම කටයුතු සිදුකර තිබේ.

සෑම වසරකම තේවා මාරුව ඇසළ පොහෝ දිනට පසුදින සිදුවන අතර එම අවස්ථාවට මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, තේවා කටයුතු භාර මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා ඇතුළු තේවා කටයුුතු වලට සම්බන්ධ කාර්ය මණ්ඩලය සමාජිකයින් සහභාගී වේ.