දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන්  පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අප්‍රිකාවේ සිට  පැමිණෙමින් තිබූ බෝට්ටුවක් .

පුද්ගලයන් 250 දෙනෙකු පමණ රැගත් යාත්‍රාව දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගිලා බැසීමට වූ බවයි දි​වි ගලවා ගත් පුද්ගලයින් පවසා ඇත්තේ.

බෝට්ටුවේ ගමන් ගත් 100ට ආසන්න පිරිසක් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.

මෙම බෝට්ටුවේ ඉතියෝපියාවේ සිට ගල්ෆ් රාජ්‍ය වෙත ළඟා වීමට උත්සහ කළ සංක්‍රමණිකයන් ගමන කර ඇති බවයි Aden හි නැගෙනහිර Rudum ප්‍රදේශයේ ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

බෝට්ටුව වෙරළට ළඟා වීමට පෙර ගිලී ගිය බවත් ධීවරයින් සහ ගම්වැසියන් සංක්‍රමණිකයන් 78 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවද සදහන්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කර ඇති බව දිස්ත්‍රික්කයේ අධ්‍යක්ෂවරයා පවසයි