ඉන්දියාවේ පැවති 13 වන ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලියේ, අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඉකුත් 18 වනදා සිට 27 වනදා දක්වා බැංගලෝර් නුවරදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර මෙම තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 67 ට 64 ක් ලෙස තියුණු තරගයකින් පසු සිංගප්පූරු කණ්ඩායම විසින් ආසියානු කාන්තා දැල්පන්දු ශූරතාවය දිනා ගනු ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.