ප්රමුඛ ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් සහ Web3 නවෝත්පාදකයක් වන Beitgt සමාගම ශ්‍රී ලංකාව තුල සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථම හමුව අගෝස්තු 3 වන දින සවස 6 සිට කොළඹ NH Collection, Mont Blanc හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම හමුව මෙරට ප්‍රජාව තුළ ක්‍රිප්ටෝ කරන්සි සහ බ්ලොක් චේන් තාක්ෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවත්වේ.
මෙම Bitget හමුව සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරන්නන්, (KOLs), සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඊ මුදල් ගණුදෙනුකරුවන් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් සහිත පුද්ගලයින් සහභාගී වන අතර මෙහිදී ක්‍රිප්ටෝ මුදල් භාවිතාවේ ප්රවණතා පිළිබඳ සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාව හිමි වේ. මෙහි ප්‍රධාන අංගයක් ලෙස Bitget පිළිබඳව ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන්ට හඳුන්වා දීම සිදුවන අතර Bitget වේදිකාව සහ අනාගත අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාදීම සිදු කරයි.
අදාළ තොරතුරු සැසිවලින් ඔබ්බට, සහභාගි වන්නන්ට ක්‍රිප්ටෝ අවකාශයේ ප්‍රවීණයන් සහ ක්‍රිප්ටෝ ගණුදෙනු සම්බන්ධ උන්නදුව ඇති අය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදා වන අතර මෙම අවස්තාව සඳහා සහභාගී වන්නන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමිවෙයි.
Bitget සමාගමේ ගෝලීය මානව සම්බන්ධතා ප්‍රධානී සිම්රන් අල්පොන්සෝ අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, “ශ්‍රී ලංකාව තුල ඩිජිටල් මුදල් භාවිතය සඳහා වැඩිවන උනන්දුව, දේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අවකාශය පිළිබඳ ඔවුන්ගේ දැනුම ගැඹුරු කිරීමට වටිනා වේදිකාවක් සපයන බවයි.” මෙම වසරේ Bitget සමාගම සතු ආකර්ෂණීය වර්ධනය සුවිශේෂී වෙළඳ විසඳුම් සහ සේවාවන් සැපයීමේ ඔවුන්ගේ මෙහෙවර සමඟ ගැලපෙන වන බව ද ඇය විසින් පෙන්වා දෙයි.
මෙම හමුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Bitget සමාගම විසින් සිදුකරනු ලබන ආරම්භයක් ලෙස හදුනාගත හැකියි. 2024 වර්ශයේ දී, Bitget සමාගමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර, වෙබ් අඩවි භාවිතයේ තුළ 50% කට ආසන්න වැඩිවීමක් සහ පරිශීලක අරමුදල්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. Proof-of-Reserve (PoR) දත්ත වලට අනුව, BTC, USDT සහ ETH හි පරිශීලක හිමිකාරිත්වය පිළිවෙලින් 73%, 80% සහ 153% කින් ඉහළ ගොස් ඇති අතර එහි මුල්‍ය වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700 කි.
මීට අමතරව, Bitget විසින් නව පරිශීලකයින් මිලියන 2.9ක් එකතු කර ඇති අතර ස්ථානීය වෙළඳ පරිමාවේ 10%ක වැඩිවීම 2024 දෙවන කාර්තුව තුල ඩොලර් බිලියන 32 දක්වා ළඟා වී තිබේ. CCData හි නවතම H2 Outlook වාර්තාව මගින් මධ්‍යගත හුවමාරු (CEXs) අතර Bitget සමාගමේ සැලකිය යුතු වෙළඳපල කොටස් වර්ධනයක් ලෙස 38.4% දක්වා ඉහළ ගොස් ඇත. එය H2 2023 සිට H1 2024 දක්වා වේ.
මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කැමති Bitget සහ crypto ප්‍රජාව සඳහා, පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි විය හැකි ය.
https://www.bitget.com/