අයි.සී.සී.ය මගින් 2023 වසරේ ටෙස්ට් කණ්ඩායම අද නම් කළේය. එහිදී එම ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස දිමුත් කරුණාරත්න නම් කර ඇත.

2023 වසරේ ජනවාරි මස 01වැනිදා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31වැනිදා දක්වා ටෙස්ට් පිටියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව මෙම කණ්ඩායම නම් කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ට හිමිව ඇත.