මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්රදේශයේදී දිරාගිය ගසක් කඩාවැටිමෙන් පස්දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
අද උදැසන 6.00 පමණ මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්රදේශයේ පාළු ඉඩමක තිබු දිරාගිය සියඔලා ගසක් හිටි හැටියේම මාර්ගයට ඇදවැටීණී
ඒ මොහොතේ ඇද වැටෙමින් තිබූ විශාල ගස දුටු එම මාර්ගයේ ගමන් කරමින් තිබූ පාසල් ළමුන් ප්රවාහනය කළ වෑන් රථයේ රියදුරුට රිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබු පැති බැම්මක හා දුරකථන කුලුනක හැපී තිබේ.
එම අවස්ථාවේ වෑන්රථයේ පාසල් ළමුන් තිදෙනෙක් හා ගුරුවරියන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙක් ගමන් කරමින් සිටි අතර එහිදී රියදුරා ට බරපතළ තුවාල සිදුව තිබුණු අතර ළමුන් තිදෙනා සහා ගුරුවරියන්ද ඉක්මනින් ප්රතිකාර සදහා රෝහල් ගතකර තිබුණි
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.
එම දිරාගිය ගස ඉවත්කරදෙන ලෙස අදාළ ඉඩමේ හිමිකරුට හා රාජ්ය ආයතන කිහිපයකට දන්වා තිබුණත් ඒ කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් නොගත් බව අසල්වාසින් පැවසීය.