අද (13) පෙරවරුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා

ඒ අනුව තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිතයි

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා

“මේ මැතිවරණයේ ලොකුම පෙරළිය කළ හැකි ශක්තිය තියෙන්නේ එතුමාට. මොකද 1950 දශකයේ දී වාමවාදී බලවේගත්, ජාතිකවාදී බලවේගත් එකට එකතුවෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලවේගයේ නායකත්වය දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. හැබැයි මේ ඉතිහාසය පුරාම ඒ ජාතිකවාදී බලවේගවල කොඩිය තියාගෙන හිටිය නායකත්වයට අද කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. මේ ජනාධිපතිවරණයේ දී සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා. ඒ නිසා රටට ආදරේ හැමෝගෙම ඡන්දය එතුමාට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා.”