පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, ⁠නාගොඩ, ⁠යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ⁠මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් එම අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (16) පස්වරු 7.30 සිට අද (17) පස්වරු 7.30 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි