දිස්ත්‍රික්ක 12ක් සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
තද වැසි පිළිබඳ කාලගුණයෙන් රතු නිවේදනයක් - ITN News දේශීය පුවත්

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.