දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සඳහන් වේ.

ඒ අනුව එම ප්‍රදේශවල මාස 6-9 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ද සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසා තිබේ.

එන්නත් වැඩසටහන ලබන ජනවාරි 6 වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව වැඩිදුරටත් වාර්තා වේ.