2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රජයේ පාසල්වලට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙම නිවේදනය අදාළ වන බව සඳහන් වේ.

මීට අදාල නිවේදනය පහතින්,