උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති අතර, අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බව ද වාර්තා වේ.

අද (05) සවස වනවිට දුම්රිය ධාවනය උපරිම අයුරින් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු යොදමින් සිටී.