සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසා සිටිනවා

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මෙලෙස අදහස් පලකළා.

“අපිත් බය නැහැ. ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි. මේ මර්දනයට එරෙහිව හෙට තවත් වෘත්තීය සමිති එකතු වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්කෙනෙක්වත් මේ ලියුම්වලට බය වෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ.. මගී ජනතාවට වෙන අපහසුතාවය ගැන. බලධාරීන් විසඳුම් දෙන්න ඕනේ.”