2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ  ඕමානය අතර හෙට (23) පැවැත්වෙන තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බව Daily Mirror වෙඩ්අඩවිය වාර්තා කර තිබේ.

දකුණු අතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට දුෂ්මන්ත ක්‍රීඩා කළේ නැත.

හෙට තරගයේදී කසුන් රාජිත වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඕමාන කණ්ඩායම ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරාජය කරමින් තරගාවලිය සඳහා විශිෂ්ට ආරම්භයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාව – ඕමානය අතර තරගය හෙට මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

කවිඳු කාරියවසම්