මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව ඔවුන් නිල වශයෙන් දැනුම් දෙයි.
දෙමළ ප්රගතිශීලි සන්ධානය අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දිගම්බරන් සහ වී.රාධ ක්‍රිෂ්ණන් ද එක්ව සිටියහ.
මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව ඇත. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ, ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.
ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසයද තීරණය කර ඇත.
එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි.