අද (20) උදෑසන 6.40ට පමණ දෙහිවල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු බව සඳහන් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.