දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණ පැය 24 ක් ඇතුළත ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබා ද්‍රි යුතු බවත් එම නියෝගයේ සඳහන් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.