දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව අධිකරණ නියෝගයට අනුව පැය 48ක් ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි සඳහන් වේ.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.