පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනක් අතරතුර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වේලුකුමාර් හා දිගම්බරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

වැඩසටහන අතරතුර ආවේගශිලී වූ දිගම්බරන් මහතා පානය කිරීමට ඔහුට ලබාදී තිබූ ජල වීදුරුවෙන් වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදෙන විඩියෝවක් මෙ වන විට සමාජ මාධ්‍යය ඔස්සෙ සංසරණය වෙයි. එමෙන්ම වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදී ඔහුව සපාකෑමටද උත්සහ ගන්නා බවක් එම වීඩියෝ පටයේ පෙනී යයි.

කෙසේ නමුත් වැඩසටහන මෙහෙයවන්නාගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය සමතයකට පත් කර ඇත.

පසුගියදා වේලුකුමාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවයි.