දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (24) යළි සලකා බැලූ අවස්තාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා