ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම්වල ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ ඉදිරියට ඒමට ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඒ එංගලන්ත කණ්ඩායම් සමඟ පසුගිය දා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්

එංගලන්ත තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 680ක් ලබා ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මේවන විට 13 වැනි ස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 204ක් ලබා ගනිමින් ශ්‍රේණිගත ලකුණු 699ක් ලබා ගැනීම හේතුවෙන්.

ශ්‍රේණිගත ලකුණු 635ක් ලබා 25වැනි ස්ථානයේ පසුවූ කමිඳු මෙන්ඩිස් මේ වනවිට ශ්‍රේණිගත ලකුණු 664ක් ලබා 20 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

එංගලන්ත තරගාවලියේ දී එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 267ක් ලබා ගැනීමෙ හේතුවෙන්.

ශ්‍රේණිගත ලකුණු 391ක් ලබා 82 වැනි ස්ථානයේ පසුවූ පැතුම් නිස්සංක එංගලන්ත තරගාවලියේ දී තරග දෙකකදී එක් ශතකයක් හා අර්ධ ශතකයක් සමඟින් ලකුණු 217ක් ලබා මේ වනවිට ශ්‍රේණිගත ලකුණු 568ක් ලබා 39 වැනි ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

මේ අතර 13 වැනි ස්ථානයේ සිටි දිමුත් කරු­ණා­රත්න 16 වැනි ස්ථානයට සහ 23 වැනි තැන සිටි දිනේෂ් චන්දි­මාල් 26 වැනි ස්ථානයට ස්ථාන 3කින් පහ­තට වැටී තිබෙනවා.

එංගලන්ත තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම්වල පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ 31 වැනි ස්ථානයට පැමිණීමට විශ්ව ප්‍රනාන්දු සමත්ව ඇති බව සඳහන්.

ඔහු ඊට පෙර ශ්‍රේණි­ගත කිරීම්වල 44 වැනි ස්ථානයේ පසුවුණා.

ළහිරු කුමාර පියවර 10ක් ඉදිරියට පැමිණෙමින් 32 වැනි ස්ථානයටත්, මේ තරගාවලියේ ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නායක පියවර 26කින් ඉදිරියට පැමිණෙමින් 84 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙයට පෙර 8 වැනි ස්ථානයේ පසු වූ අසිත ප්‍රනාන්දු 11 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබෙන බව සඳහන්.