සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක හමු වී ඇත.

ඔවුන්ගේ පැමිණීම පිළිබඳව ධනිෂ්ක විසින් Twitter සටහනක් තබමින් ඡායාරූපයක් ද සමඟින් සිය කෘතඥතාව පළ කර තිබේ.

ඇමති හරීන් ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම මේ වන විට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට පැමිණ ඇත.

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එල්ල වූ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මේ වන විට පසුවන්නේ එරටින් පිටවීමට නොහැකිවය.

එම චෝදනාව එල්ල වී ඇති නඩු විභාගයේදී, තම ඉරණම විසඳීම ජූරි සභාවට පැවරීමෙන් වැළකී සිටින ලෙස ඔහු පසුගියදා අධිකරණයෙන් ඉල්ලා තිබේ.