ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවිය පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහුට දේශීයව සංචාරය කිරීමට (දේශීයව ගමන් බිමන් යාමේ අවස්ථාව) අවසර හිමිව ඇත.

පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී සිඩ්නි නුවර කාන්තාවක් සමග ඇයගේ නිවසේදී කැමැත්තකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ධනුෂ්ක අවස්ථා දෙකකදී ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර දෙන ලෙසත් ඔහුගේ ඇප කොන්දේසි වෙනස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඔහුට ඪට අවසර හිමි විය. කෙසේ නමුත් ඔහු ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමග අවම වශයෙන් පැය 48කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව නියෝග කර තිබේ.

එමෙන්ම ඔහු තවමත් සතියකට තුන් වතාවක් පොලීසියට වාර්තා කළ යුතු අතර, එක් ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමට පමණක් අවසර හිමිව ඇත.

ධනුෂ්ක එළඹෙන සැප්තැම්බර් මාසයේදී විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය.