ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී එල්ල වූ චෝදනාවල බලපෑම පිළිබඳ විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගිය13 වැනි දින පැවති රැස්වීමේදී මෙම නිර්දේශය අනුමත කර ඇත. ගුණතිලක තම ඉදිරි ක්‍රියාමාර්ග වලදී රට වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස ඔහුගේ තත්ත්වය සැමවිටම රකින ලෙසටද ඔහුට අවවාද කර ඇත.

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදොස් වී පසුගියදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

2022 T20 ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටියදී අත්අඩංගුවට ගැනීම සහ ලිංගික අතවරවලට සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දනිෂ්ක ගුණතිලකට සියලු ක්‍රිකට් තහනම් කරන ලදි.