ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ නඩු විභාගය අද තුන්වැනි දිනටත් කැඳවනු ලැබීය. මෙහිදී ධනුෂ්කගේ පැමිණිල්ල භාරගත් පොලිස් නිලධාරිනිය සාක්ෂි ලබාදී ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ ධනුෂ්කගේ පැමිණිල්ල මුලින් සටහන් කකරගත් කොළය තමන් කුණු කූඩුයට දැමූ බවයි.

තමන් පැමිණිල්ල සටහන් කරගන්නා අවස්ථාවේදී පොලිස් සටහන් පොත ළඟ නොතිබූ බවත්, ඒ හේතුවෙන් පැමිණිල්ල වෙනත් කොළයක සටහන් කරගත් බවත් පොලිස් නිලධාරිනිය පවසා ඇත.