ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය යන රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරයා විසින් අද (24) සිඩ්නි අධිකරණයට දැනුම්දී තිබේ.

ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතා පවසා ඇත්තේ දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය හෙතුවෙන් ඔහුට මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇත.

දින පහක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් සඳහා වන අයදුම්පත සඳහාද මෙහිදී අවසර හිමි වී තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 18වැනිදා ධනුෂ්කගේ නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතය.