ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද අලුයම මෙරටට පැමිණියේය. ඔහුට පසුගිය වසරේ ඔස්ට්‍රෙලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරවාරයේ ස්ත්‍රියකට ලිංගික අතවර කළ බවට ලද චෝදනා එල්ල වූ අතර, ඊට අදාළව පැවති නඩු විභාගයෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව මාස 11ක කාලයකට පසු ඔහු මෙලෙස මෙරටට පැමිණියේය.

එහිදී ධනුෂ්ක කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර, ඔහු එහිදී පවසා සිටියේ නඩු කටයුතු අවසන් වන තුරු තමාට සහාය දැක්වූ සියල්ලන්ට ස්තුතිය පළ කරන බවත්, ඉක්මනින්ම සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් බවත්ය. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුට යම් කොන්දේසි පනවා නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේය.