ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට සිට නැවතත් අන්තර් සමාජ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක සිංහල ක්‍රීඩා සමාජය (SSC) නියෝජනය කරන අතර, එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ සිදු කළ පරීක්ෂයකින් අනතුරුව ධනුෂ්ක ගුණතිලකට SSCය නියෝජනය කරමින් දේශීය තරග ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන් බවයි.

ඒ අනුව Major Club Limited Over තරගාවලියේ හෙට පැවත්වීමට නියමිත SSC හා නුගේගොඩ S & WC සමග පැවැත්වෙන තරගයෙන් ධනුෂ්ක දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නියමිතය.