අද සිට නැවත දැනුම්දෙන තුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා මුහුදු යාම සදහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනය සහ දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීම නිස මෙම තීරණය ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මේ වනවිටත් රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව අද පැවති මාධ්‍ය හමුවේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩි දුරටත් සදහන් කර සිටියා